හෘදයාබාධ

හර්දයාබාධයක් සඳහා ප්‍රතිකාර විකල්ප, ඔබට ඇති වූ හර්දයාබාධය STEMI හෝ වෙනත් ආකාරයේ හර්දයාබධයක්ද යන්න මත රඳා පවතී. STEMI යනු ඉතා බරපතල මට්ටමේ හර්දයාබාධයක් වන අතර මේ සඳහා හදිසි තක්සේරු කිරීම් සහ ප්‍රතිකාර අවශ්‍ය වේ. ඔබේ හදවතේ හානිය අවම කර ගැනීම සඳහා ඉක්මන් ප්‍රතිකාර කිරීම වැදගත් වේ. ඔබට හර්දයාබාධයක රෝග ලක්ෂණ ඇත්නම් සහ ඊ. සී. ජී. (ECG) වලින් ඔබට ඇත්තේ STEMI ලෙස පෙන්වන්නේ නම් ඔබගේ කිරීටක ධමනි අවහිරවීම ඉවත් කර යථා තත්වයට පත් කිරීම සඳහා තක්සේරු කර ප්‍රතිකාර කරනු ලැබේ. භාවිතා කල ප්‍රතිකාර රඳා පවතින්නේ ඔබගේ රෝග ලක්ෂණ පටන් ගත්තේ කුමන වේලාවේ දීද සහ කොපමණ ඉක්මනින් ප්‍රතිකාර වලට ලඟා විය හැකිද යන්න මත වේ.

  • ඔබගේ රෝග ලක්ෂණ පසුගිය පැය 12 තුළ ආරම්භ වූවා නම් - සාමාන්‍යයෙන් ඔබට PCI ලබා දෙනු ඇත.
  • ඔබේ රෝග ලක්ෂණ පසුගිය පැය 12 ඇතුළත ආරම්භ වුවද ඔබට ඉක්මනින් PCI ප්‍රතිකාර සඳහා ලඟා විය නොහැකි නම් - රුධිර කැටිය බිඳ දැමීමට ඔබට ඖෂධ ලබා දෙනු ඇත.
  • ඔබේ රෝග ලක්ෂණ ආරම්භ වී පැය 12 කට වඩා වැඩි කාලයක් ගත වී ඇත්නම්, විශේෂයෙන් රෝග ලක්ෂණ වැඩිදියුණු වූ විට වෙනත් ක්‍රමවේදයක් ඉදිරිපත් කල හැක. හොඳම ප්‍රතිකාර ක්‍රමය තීරණය කරනු ලබන්නේ එන්ජියෝග්‍රෑම් නමැති පරීක්ෂණය කිරීමෙන් පසුව වන අතර, ප්‍රතිකාර සඳහා ඖෂධ, PCI හෝ බයිපාස් සැත්කම ඇතුළත් විය හැකිය.

PCI

ප්‍රථමික PCL යනු STEMI සඳහා භාවිත කරන හදිසි ප්‍රතිකාර වන අතර කිරීටක ධමනි පුළුල් කිරීම සඳහා ක්‍රියා පටිපාටියක් භාවිතා කිරීම වේ.(කොරනරි අන්ජියෝප්ලස්ටි) (coronary angioplasty). කොරනරි අන්ජියෝග්‍රැෆි (coronary angiography)- PCI ප්‍රතිකාරය සඳහා ඔබගේ සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා මෙය පළමුවෙන් සිදු කරනු ලැබේ. තව දුරටත් රුධිරය කැටි ගැසීම වැලැක්වීම සඳහා ඔබට රුධිරය සිහින් කිරීමේ ඖෂධ ලබා දෙනු ඇත. එම ඖෂධ පහත සඳහන් වේ:

PCI ප්‍රතිකාරයෙන් පසු ටික කාලයක් යනතුරු මෙම සමහර ඖෂධ දිගටම ලබා ගැනීමට සිදුවේ. කොරනරි අන්ජියෝප්ලස්ටි- කොරනරි අන්ජියෝප්ලස්ටි යනු විශේෂඥ කාර්ය මණ්ඩලය සහ උපකරණ අවශ්‍ය වන සංකීර්ණ ක්‍රියාවලියක් වේ. මෙම පහසුකම් සෑම රෝහලකම නොමැත. මෙයින් අදහස් වනුයේ හැකි පමණ ඉක්මනින් රෝගියා රෝහලකට ගෙන ය යුතු බවය. කොරනරි අන්ජියෝප්ලස්ටි අතරතුර බැලූන් කැතීටර්ය නුවෙන් හැදින්වෙන කෙලවර සොසේජ් හැඩති බැලුනයක් සවි කර ඇති කුඩා නලයක් ඔබගේ අතේ හෝ ඉකිලිවල ඇති විශාල ධමනියට ඇතුළු කරණු ලැබේ. මඟ පෙන්වීම සඳහා x -කිරණ භාවිත කරමින්, හොඳ කම්බි ආධාරකයක් මඟින් මෙම කැතීටරය, ඔබගේ රුධිර වාහිනි හරහා ඔබගේ හර්දය දක්වාම ඇතුළු කරයි. (කිරීටක ධමනියේ පටු ප්‍රදේශයට යාමට පෙර). වරක් ස්ථානගත වීමෙන් පසු බැලුනය, ඔබගේ කිරීටක ධමනියේ ඇතුලත සිහින් වූ ප්‍රදේශය පිම්බීමකට ලක්කර එය පුළුල් ලෙස විවෘත කරයි. පසුව, එය විවෘතව තබා ගැනීම සඳහා කිරීටක ධමනිය තුලට සාමාන්‍යයෙන් නම්‍යශීලී ලෝහ දැලක් ස්ටෙන්ට් ඇතුල් කරනු ලැබේ.

රුධිර කැටි බිඳ දැමීම සඳහා ඖෂධ

රුධිර කැටි බිඳ දැමීම සඳහා භාවිතා කරන බෙහෙත් වර්ග, ත්රෝම්බෝලයිටික්ස් (thrombolytics) හෝ ෆයිබ්රිනොලයිටික් (fibrinolytics) ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් එන්නත් මගින් ලබා දෙනු ලැබේ. ත්රෝම්බෝලයිටික්ස් හෝ ෆයිබ්රිනොලයිටික් මගින් ෆ්යිබ්‍රින් (fibrin) නැමැති ද්‍රව්‍යයක් ඉලක්ක කොට විනාශ කරනු ලැබේ. ෆ්යිබ්‍රින් යනු දැඩි ප්‍රෝටිනයක් වන අතර, කෙඳි සහිත දැලක් වශයෙන් ක්‍රියා කර රුධිරය වටේට තද කර එමඟින් රුධිර කැටි ඇති කරයි. මෙම වර්ගයේ ඖෂධ පිළිබඳ උදාහරණ කිහිපයක් ඇතුළත් වේ:

නුදුරු අනාගතයේදී කිසියම් අවස්ථාවක තවත් හර්දයාබාධයකට මුහුණ දීමට ඇති අවදානම වැඩිවීමේ අවදානමක් ඔබට ඇතැයි සිතනවානම් ග්ලයිකොප්‍රෝටීන් llb/lla වලක්වන ඖෂධ යනුවෙන් හැඳින්වෙන අමතර ඖෂධ ඔබට දෙනු ලැබේ. ග්ලයිකොප්‍රෝටීන් llb /lla ඉන්හිබිටර්ස් මඟින් රුධිර කැටි බිඳ දැමීමක් සිදු නොවුනද මේවා මගින් රුධිර කැටි විශාල වීම වලක්වයි. එය ඔබගේ රෝග ලක්ෂණ තවත් නරක අතට හැරීම නැවත්වීම සඳහා ඵලදායි ක්‍රමයකි.

කිරීටක ධමනි බයිපාස් බද්ධ (CABG)

ඔබගේ ධමනි වල පිහිටීම සාමාන්‍ය පිහිටීමට වඩා වෙනස් නම් මෙම කොරනරි අන්ජියෝප්ලස්ටි(කොරනරි ඇන්ජියෝප්ලාස්ටි) සිදු කිරීම තාක්ෂණික වශයෙන් අපහසු වේ. ධමනි තුල පටු වූ කොටස් කීපයක් ඇත්නම් හෝ අවහිර වූ බොහෝ ශාඛා එම ධමනියෙන් එලියට එනවා නම් මෙය ප්‍රශ්නයක් විය හැකිය. එවැනි තත්වයන් යටතේ කොරොනරි ආර්ටරි බයිපාස් ග්‍රාෆ්ට් (CABG) යනුවෙන් හඳුන්වන විකල්ප ශල්‍යකර්මයක් සිදු කිරීම සැලකිය හැක. CABG යනු ඔබගේ සිරුරේ වෙනත් කොටසකින් (ඔබගේ පපුවෙන් හෝ කකුලකින්) රුධිර වාහිනී ගෙන බද්ධ කිරීම සඳහා භාවිතා කිරීමයි. බයිපාස් බද්ධය, හදවතේ ඇති ඕනෑම දැඩි හෝ පටු ධමනි වලට සිදු කල හැක. ශල්‍ය වෛද්‍යවරයා අලුත් රුධිර වාහිනිය මහා ධමනියටත් අනෙක කිරීටක ධමනියටත් (සිහින් වූ හෝ අවහිර වූ ප්‍රදේශයට ඉහලින්) සවි කරනු ලැබේ. NSTEMI හෝ අස්ථායි ඇන්ජයිනා (UA) සඳහා ප්‍රතිකාර කිරීම ඔබගේ හර්ද රෝගය ''අඩු බරපතල '' තත්වයේ හර්ද රෝගයක් ලෙස NSTEMI හෝ ඇන්ජයිනා ලෙස හැඳින්වෙන) ඊ. සී. ජී. (ECG) වාර්තා පෙන්වන්නේ නම් රුධිරය සිහින් කරවීමට භාවිතා කරන ඇස්පිරින් ඇතුළු අනෙකුත් ඖෂධ සාමාන්‍යයෙන් නිර්දේශ කරනු ලැබේ. ඇතැම් අවස්ථාවලදී මෙම ඖෂධ වලින් NSTEMI හෝ UA සඳහා මුලික ප්‍රතිකාර කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර ලෙස කොරනරි අන්ජියෝප්ලස්ටි හෝ CABG නිර්දේශ කල හැකිය.